
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මාරවිල මූදුකටුව ප්‍රදේශයෙ දී අද අලුයම මගී ප්‍රවාහන බස් රථයක් හා ලොරි රථයක් ගැටි අට දෙනකු තුවාල ලබා මාරවිල මූලික රෝහලට ඇතුලත් කර ඇති බව මාරවිල මුලස්ථාන පොලිසිය පවසයි.
කොළඹ සිට යාපනය දක්වා ධාවනය වූ මගී ප්‍රවාහන බස් රථය ලොරි රථයක ගැටිමේන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය කියයි.
හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයෙදී මෙම අනතුර අනතුර සිදුව තිබුණි. මූදුකටුව ප්‍රදේශයෙදී ඉන්ධන හලකින් ඉන්ධන ලබා ගැනිමේන් පසුව බස් රථය ප්‍රධාන මාර්ගයට දැමිමට යාමේදි මෙම අනතුර සිදුව ඇති බව කියයි.
ලොරි රථය එකවර මාර්ගයට ගනිමින් තිබු බස් රථයෙ ගැටිමත් සමග බස් රථය රියදුරට පාලනය කර ගැනිමට නොහැකිව විදුලි කනුවක ගැටි විදුලි කනුවට හානි විමත් සමග මාරවිල ඇතුළු ප්‍රදේශවලට විදුලිය විසින්ධි වූ බව කියයි.
අනතුරින් තුවාල ලැබු පිරිස අතර බස් රථ රියදුරා ද සිටින බව පොලිසිය කියයි.

